ඉදිරි පැය කිහිපයේ මහින්ද යළි අගමැති තනතුරේ දිවුරුම් දෙයි ද?
කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල ඊයේ (13) පස්වරුවේ සිට තර කළ ආරක්ෂක රැකවල් තවදුරටත් ක්‍රියාත්මකයි.
ඒ පිළිබඳ ඉදිරි තීරණ ක්‍රියාත්මක කරනු ලබන්නේ පවතින තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව බව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී සඳහන් කළා.
ඊයේ (13) අප කළ විමසීමක දී රජයේ ඉහළ ප්‍රධානියෙකු සඳහන් කළේ රජයට දැඩි බලපෑමක් ඇති කිරීමේ සූදානමක් ඇති බවට ලද බුද්ධි තොරතුරක් හේතුවෙන් මෙලෙස ආරක්ෂාව තර කර ඇති බවයි.
අද (14) පෙරවරුව වනවිටත් කොළඹ මර්මස්ථාන ඇතුළු මාර්ග සහ ස්ථාන රැසක දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණා.
මීට අමතරව, කොළඹ විශ්වවිද්‍යාල අවට සහ ඒ ආශ්‍රිත මාර්ගවල මෙන්ම, එම විශ්වවිද්‍යාලයට අයත් පීඨ ආශ්‍රිතව පොලීසිය කැරලි මර්දන ඒකක සහ යුද හමුදාව යොදා තිබූ බව සඳහන්.
මෙලෙස ආරක්ෂාව තර කිරීමට හේතුවී ඇත්තේ රජයට දැඩි බලපෑමක් එල්ල කිරීමේ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවට රජයේ ඉහළම තැන් වෙත ලැබී ඇති බුද්ධි තොරතුරක්.
ආරක්ෂාව භාර රජයේ ඉහළම ප්‍රධානියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එය කොළඹ විශ්ව විද්‍යාලය මුල් කරගනිමින් මෙය ක්‍රියාත්මක වන බවට බුද්ධි තොරතුරුවල සඳහන්ව ඇති බවයි.
ඒ, හේතුවෙන් කොළඹ නගරයේ වැදගත් ස්ථාන රැසකට පොලිසියට අමතරව, සහ ත්‍රිවිධ හමුදාව යොදවා ආරක්ෂාව තර කළ බව ද ඔහු සඳහන් කළා.
ආරක්ෂක පියවර ගැනීමත් සමග කොළඹ විශ්ව විද්‍යාල කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වීමට තිබූ රජයට බලපෑම් කිරීමේ උත්සහය මේ වන විට අසාර්ථක වී ඇති බවද එම ප්‍රධානියා කියා සිටියා.