පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම් ගැන මෙන්න විශේෂ ආරංචියක්..

වැටුප් වර්ධක ගැන කතා කරනකොට හැමදාමත් රාජ්‍ය  අංශය ගැන බොහෝ දෙනෙක් කතා වෙනවා..

මේ කියන්න යන්නේ රාජ්‍ය අංශයේ වැටුප් ගැන කතාවක් නම් නෙවෙයි.. 

2025 අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ද වැටුප් ඉහළ නැංවීමට යෝජනා කර තිබුණා..

ඒ අනුව, පහත සඳහන් පරිදි ජාතික අවම මාසික වේතනය සහ ජාතික අවම දෛනික චේතනය සංශෝධනය කිරීමටත්, ඊට අදාළ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත්, කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා..

- 2025-04-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 17,500/- සිට රුපියල් 27,000/- දක්වා රුපියල් 9,500/-කින් ජාතික අවම මාසික වේතනය ඉහළ නැංවීම..

- 2025-04-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික චේතනය රුපියල් 700/- සිට රුපියල් 1,080/- දක්වා රුපියල් 380/- කින් ඉහළ නැංවීම..

- 2026-01-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 27,000/- සිට රුපියල් 30,000/- දක්වා රුපියල් 3,000/- කින් ජාතික අවම මාසික චේතනය ඉහළ නැංවීම..

- 2026-01-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික චේතනය රුපියල් 1,080/- සිට රුපියල් 1,200/- දක්වා රුපියල් 120/- කින් ඉහළ නැංවීම..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post