
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ යයි සැක කරන ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට වැඩිදුර විමර්ශන සඳහා භාර කර තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට හත් දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති අතර කාන්තාවන් තිදෙනෙකුද ඒ අතර වෙයි.
අත්අඩංගුවට ගත් එක් කාන්තාවක් ඩෑන් ප‍්‍රියසාද්ගේ බිරිඳගේ නැගණියකි.