
අද වෙනකොට බොහෝ දෙනෙක් මේ මරණය ගැන කතා වෙනවා..
මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයන්ග මාරපන මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් කන්ඩායම් කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කළා..
ඒ අනුව වෙඩි තැබීම සැලසුම්කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූ අතර, ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී වෙඩි තැබීමට අදාළව කරුණු රැසක් අනාවරණ කර ගැනීමට පොලිසිය සමත් වුණා..
පොලිසිය පැවසුවේ පසුගිය 20 වැනිදා සිදුවූ ගැටුමක් මෙම වෙඩි තැබීමට ආසන්නතම සිදුවීම බවට එහිදි අනාවරණ වු බවයි..
ඩෑන් ප්‍රියසාද් විසින් එදින ත්‍රිරෝද රථයකට මන්නා ප්‍රහාරයක් එල්ලකර තිබු අතර, එම ත්‍රිරෝද රථය ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා ඝාතනය කළ සැකකරුවන්ට අයත් එකක් බවද අනාවරණ වී තිබෙනවා..
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින දුලාන් නමැත්තා ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සැලසුම්කර ඇත්තේ එම පහරදීමෙන් අනතුරුව බවයි දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ..
අදාළ පහරදීම සම්බන්ධයෙන් දුලාන් ඩුබායි හි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කොළොන්නාවේ ධනුෂ්ක නමැත්තාට දුරකථනයෙන් දැනුම් දී තිබෙනවා.
ධනුෂ්ක විසින් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කංජිපානි ඉම්රාන්ව, දුලාන් නමැත්තාට සම්බන්ධකර දී ඇත්තේ ඒ අනුවයි..
පොලිසිය පැවසුවේ ඒ අනුව ඩෑන් ප්‍රියසාද් ඝාතනය කංජිපානි ඉම්රාන් විසින් මෙහෙයවා ඇති බවට මේ වන විට කරුණු අනාවරණ වෙමින් පවතින බවයි..
මේ අතර, ඩෑන් ප්‍රියසාද් විසින් ත්‍රිරෝද රථයට කළ පහරදීම සම්බන්ධයෙන් පොලිසියට කර තිබූ පැමිණිල්ලකට අනුව ඩෑන් ප්‍රියසාද්ට පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසද දැනුම් දී තිබුණා..
එහෙත්, ඔහු එදින පොලිසිය වෙත පැමිණ නැහැ..
ඩෑන් ප්‍රියසාද්ව එදින ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බවයි අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වැඩිදුරටත් පවසා ඇත්තේ..
මේ අතර, ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා ඝාතනය කළ බවට පැවසෙන පාර්ශ්වය විසින් පසුගියදා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක් අතරවාරයේදී ඩෑන් ප්‍රියසාද්ට තර්ජනය කර ඇති බවටද වාර්තා වනවා..
ඉනේ ඇති ගිනි අවියක් පෙන්වමින් එහිදි ඔවුන් ඩෑන් ප්‍රියසාද්ට මරණ තර්ජන එල්ලකර තිබු බවට ද වාර්තාවන බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කළා..
මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා...
සිද්ධියට සම්බන්ධ බවට සැකපිට ගුවන් ගමන් තහනම් කළ පිය පුතු දෙපළ සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කළා...