
ඒ අනතුර නිසා දැන් ඔවුන් සියලුදෙනාගේම ජීවිත අහිමිවී අවසන්.. ඒ තවත් එක් බිහිසුණු ගුවන් අනතුරක් ගැන ඇසෙන කතාවක්..
නිව්යෝර්ක්හි හඩ්සන් ගඟට හෙලිකොප්ටරක් කඩා වැටීමෙන් එහි සිටි හය දෙනාම මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා...
එම යානයේ සිටි නියමුවා, ස්පාඤ්ඤයේ සිට පැමිණි සංචාරක පවුලක් මෙසේ මියගොස් තිබුණා...
මියගිය අය අතර දරුවන් තිදෙනෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ..
මෙම අනතුර ඊයේ (10) එරට වේලාවෙන් පස්වරු 3.17ට පමණයි සිදුව ඇත්තේ..
කෙසේ වෙතත් අනතුරට හේතුවක් තවම වාර්තා වී නොමැත..