රිළවු දූපතකට...

වගාවන්ට හානි කරන රිළවුන් ආරක්ෂිතව අල්ලා දූපතක කොටු කිරීමේ නියමු ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 100ක මුදලක් ලබා දීමට මධ්‍යම පළාත් සභාව සූදානමින් සිටිනවා.

මේ ප්‍රතිපාදන මුදල මධ්‍යම පළාත් සභාව මගින් ලබා දීමට පියවර ගන්නා බව මධ්‍යම පළාත්සභාවේ ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ පැවසුවා.

මේ අනූව රිළවුන් අල්ලා දූපතක කොටු කිරීමේ නියමු ව්‍යාපෘතිය මහනුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

කෘෂිකර්ම පශු සම්පත් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී මේ බව තීරණය කර තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට මැතිවරණ කොට්ඨාසයේ තෝරා ගත් ගම්මාන 15ක වගාවන්ට හානි කරන රිළවුන් අල්ලා රන්දෙණිගල ජලාශය ආශ්‍රිත දූපතක කොටු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටයි යොජනා වී ඇත්තේ.

ඒ අනුවයි එම වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් මනුවර්ණට භාර දී තිබෙන්නේ.

මේ අතර මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කිරීම සුදුසු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post