ප්‍රදේශ කිහිපයකටම අනතුරු අඟවමින් රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූ කම්පනයක්..

මේ කියන්න යන්නේ අද සිදුවූ තවත් එක් ප්‍රබල භූ කම්පනයක් ගැන ඇසෙන කතාවක්..

මියන්මාරයේ සාගිං නගරයේ රිච්ටර් මාපක 7. 7ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් සිදුව තිබෙනවා.

ඉන් දේපල හෝ ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මුල් භූමිකම්පාවෙන් මිනිත්තු 12 කට පමණ පසු, රිච්ටර් මාපක 6.4 ක තවත් පසු කම්පනයක් සිදුව තිබෙනවා බවද සදහන්.

එම පසු කම්පනයෙන් තායිලන්තයේ - බැංකොක් නගරයට ද දැනී තිබුණා. බැංකොක් නගරයේ ගොඩනැගිලි සෙලවීමක් සිදුව තිබූ අතර, එම ගොඩනැගිලිවලින් ඉවත්ව ජනතාව දිව යන ආකාරයද විදෙස් වාර්තාවල දැක්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post