සජිත්ට හිමි එන්නත පරිත්‍යාග කරයි – කොවිඩ් හැදුන හැටිත් සිහිකරයි


1 share


කොවිඩ් ආසාදිතව පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳ අද(11) සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

අනතුරුව විපක්ෂ නායකවරයා සහ ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය සුවය ලබා අද පෙරවරුවේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත ගොස් සංඝරත්නයේ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ තමාටත් බිරිඳටත් කොවිඩ් වෛරසය ආසාදනය වීමට එක් හේතුවක් වුයේ, කොවිඩ් එන්නත ප්‍රතික්ෂේප කිරීම බවයි.

තමා එන්නත ලබාගැනීමට පෙර රටේ ජනතාවට එන්නත ලබාදිය යුතුයි යන ප්‍රතිපත්තියේ සිට එවැන්නක් සිදුකළ බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.

“මේ රටේ සියලුම ජනතාව අංග සම්පූර්ණව ඒ සෞඛ්‍ය උපදෙස් මත එන්නත්කරණයට ලක්වන තුරු මම මේ රටේ මහජන සේවකයෙක් හැටියට එන්නත ලබාගැනීමට බලාපොරොත්තු වෙන්නේ නෑ. මගේ එන්නත මම පරිත්‍යාග කරනවා මේ රටේ ජනතාවට. රට තුළ ජීවත්වන ලක්ෂ 220කගේ සෞඛ්‍ය සම්පන්නභාවය, ඒ අයගේ ආයු කාලය අපිට වැදගත් වෙනවා අපේ පුද්ගලික සෞභාග්‍ය වෙනුවට. මේ රටේ ජනතාවට මම දෙන පණිවුඩය තමයි අපි ඉතාමත් ඉක්මනින් එන්නත් ලබාදීලා එන්නත තුළින් මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන තෙක් අපේ මාතෘ භූමියට ගෙන්වා ගත හැකි උපරිම එන්නත් ප්‍රමාණය ගෙන්වා ගෙන උපරිම ලෙස එය ව්‍යාප්ත කරනවා.“ යැයි ඔහු එහිදී සඳහන් කළා.

පසුගිය මස 23 වනදා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනිම හේතුවෙන් ඔවුන් රෝහල්ගත වුයේය.


Like it? Share with your friends!

1 share

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
1
Angry

Comments