සංචරණ සීමා දීර්ඝ වෙයි ද..?




කොරෝනා දත්ත සලකා බලා සංචරණ සීමා සම්බන්ධයෙන් රජය ඉදිරියේදී තීන්දුවක් ගනු ඇති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළා.

ඊයේ ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළකරමින් ඇය සදහන් කළේ පසුගිය සතියට සාපේක්ෂව මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සහ මරණ වල සුළු වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.

එසේම සංචරන සීමා පවතින කාල සීමාවේදී එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී බල ප්‍රදේශයට අයත් මෝදර සායනය බිඳ භාණ්ඩ සොරාගත් පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් එහිදී අදාල සායනයේ පුටු 40ක්, විදුලි පංකා දෙකක්, රූපවාහිනී යන්ත්‍ර දෙකක් ඇතුළු දේපල සොරාගෙන ගොස් ඇති අතර සැකකරුවන් හෙරොයින් වලට ඇබ්බැහීවීවීම හේතුවෙන් බන්ධනාගාර ගතව සිට පැමිණි අය බවයි පොලීසිය සඳහන් කළේ.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
1
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments