1 සිට13 ශ්‍රේණි දක්වා සිසුන්ට රූපවාහිනියෙන් අධ්‍යාපනය




ජාතික අධ්‍යාපන ආයතනයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්වී පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නිවසටම වැඩපොත් බෙදාදී විෂය නිර්දේශය ආවරණය කිරීමේ නව වැඩපිළිවළක් එළැඹෙන අගෝස්තු මුල් සතියේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

අධ්‍යාපන විශේෂඥයන් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සම්බන්ධ කරගනිමින් මෙම වැඩපිළිවළ සකස් කරන බවත් මේ මගින් නිවසේ සිටම ක්‍රියාකාරකම්වල යෙදෙමින් ඉගෙනීමේ කටයුතු සිදු කිරීමට දරුවන්ට හැකියාව ලැබෙන බව රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය. ඔහු මේ පිළිබඳව පවසා සිටියේ ඊයේ [09දා] කොළඹ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පවැතී මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

නිවසේ සිටින දරුවන් නිවසේ සිටින ගුරුවරුන් යන කණ්ඩායම් දෙකම එක් කරමින් මෙම කටයුත්ත සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් මේ වන විටත් ජාතික අධ්‍යාපන කොමිසමෙන් මෙම වැඩපිළිවළට අනුමැතිය ලැබී ඇති බව ඇමැතිවරයා කියා සිටියේය. සතියෙන් සතියට ඇගයීම් ලබාදීමේ ක්‍රමයක්ද මේ සමග ක්‍රියාත්මක කරන බවත් පාසල් නැවත අරම්භ කලද මෙම වැඩපොත් ලබාදීමේ කටයුත්ත ඉදිරියටම පවත්වාගෙන යන බව ඔහු ප්‍රකාශ කළේය.

කොවිඩ් වසංගත තත්ත්වය දිගින් දිගටම පවතින නිසා මෙම වැඩපිළිවළ එලෙස අගෝස්තු මාසය ආරම්භයත් සමග අඛණ්ඩව පවත්වාගෙන යන බව හෙතෙම මෙහිදී වැඩිදුරටත් පැවසීය.මෙහිදී අදහස් දක්වා සිටි රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරට‍ත් මෙසේද පවසා සිටියේය.

” එක ශ්‍රේණියේ සිට දහතුන්වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දරුවන්ට රුපවාහිනිය මගින් අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවළක්ද අපි ආරම්භ කරනවා ඒ අනුව මේ සියලුම දරුවන්ට එක රූපවාහිනී නාළිකාවක් අපි හදුන්වා දෙනවා. මේ වනවිට මෙහි කටයුතු අවසන් අදියරේ පවතින්නේ මේක ඉක්මනින් ආරම්භ කරගන්න පුළුවන් උනොත් සම්පූර්ණ විෂය නිර්දේශයම අපිට සියලුම ළමයින්ට අසාධාරණයක් නොවන විදියට රූපවාහිනියෙන් ආවරණය කරන්න හැකියාව ලැබෙනවා. ලංකාවේ සීයට අනූපහක් වගේ පවුල්වල රූපවාහිනියක් තියෙනවා. අපි හිතනව මේ වසංගත තත්ත්වය හමුවේ වුවත් මේ අභියෝගය අපිට ජයගන්න පුළුවන් වෙයි කියලා. අනපේක්ෂිතව අපිට ඇති වුණ තත්ත්වයට මුහුණදෙන්න අපි මාර්ගගත ක්‍රමය මේ වෙද්දී භාවිතා කරනවා දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය ඉස්සරහට ගෙනියන්න. විවේචන බාධක එනවා අපිට නමුත් අපි අපේ උපරිමෙන් දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්න කටයුතු කරනවා.

අශිකා ජයවීර


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments