රටපුරා කොවිඩ් පැතිරුණු හැටි හෙළිවෙයි! දරුණු ප්‍රභේද ඇති ප්‍රදේශ මෙන්න




ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතින B.1.617.2 (ඩෙල්ටා) කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයෙකු නිරෝධායන මධ්‍යස්ථානයක් තුලින් වාර්තා වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

ඉන්දියානු ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයෙකු මෙරටින් හමුවූ දෙවන අවස්ථාව මෙය වනවා.

මෙරට කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන ජානමය අනුක්‍රමණය සම්බන්ධයෙන් වන නවතම පර්යේෂණ වාර්තාව එලි දක්වමින් වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර මහතා මේ බව සඳහන් කර සිටියා.

ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය ප්‍රදේශ රැසක

කොළඹ ජාතික රෝහලේ සේවය කරනු ලබන සේවකයින් පිරිසකට ද B.1.1.7 (ඇල්ෆා) බ්‍රිතාන්‍යය කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ද ලබා සිටි පුද්ගලයින් වනවා.

මේ වන විට ඔවුන් සියලු දෙනා සුවය ලබා ඇති බවයි ආචාර්ය චන්දිම ජිවන්දර මහතා සඳහන් කර සිටියේ.

තිස්සමහාරාමේ තවත් කොවිඩ් ප්‍රභේදයක්

එමෙන්ම වේගවත් ව්‍යාප්තියක් සහිත B.1.1.7 (ඇල්ෆා) බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රාන්තයෙන් හමුවූ කොවිඩ් ප්‍රභේදය කොළඹ, මඩකලපුව, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොළ, මාතර දිස්ත්‍රික්කයේ, හබරාදුව ප්‍රදේශයෙන්, තිස්සමහාරාමය, කරාපිටිය සහ රාගම ප්‍රදේශයන් ගෙන් වාර්තා වී ඇති බවයි ආචාර්ය චන්දිම ජිවන්දර මහතා සඳහන් කර සිටියේ.

මේ අතර ශ්‍රී ලංකාවෙන් හමුවූ B.1.411 කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් තිස්සමහාරාම ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

මෙරට කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ ජානමය අනුක්‍රමණ වාර්තාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත අද උදෑසන භාරදුන් බවද ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කර සිටියා.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
1
Sad
Angry Angry
1
Angry

Comments