ඇමති සරත් හා පියුමි හංසමාලී දුරකතන ඇමතුමේ විස්තරේ පියුමිගේ නීතීඥයා හෙලි කරයි




නිරෝධායන නීති උල්ලංඝනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලී වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා විසින් තම සමාජ ජාල ගිණුෙම් ඒ තබා ඇති සටහනක් මෙහි දැක්වෙයි.

—-

දේශපාලනිකව මම සරත් වීරසේකර ඇමති සමග නෑ. ඒත් ගරු සරත් වීරසෙකර ඇමතිතුමාට යම් පිරිස් ද්වේශ සහගතව චෝදනා එල්ල කරන බවක් පෙනෙන නිසා මා මෙය පලකරමි.

චන්දිමාල්ගේ උපන්දින අදාලව ෂැංග්‍රිලා හෝටලයේ සාදයක් පැවැත්වූ බවට පැවරූ නඩුවේ සිදුවීමක් අල්ලා ගරු ඇමතිතුමාට එරෙහිව සමාජ මාධ්‍ය සහ විවිධ තැනැත්තන් අසත්‍ය චෝදනා සිදුකරන අතර එතුමා මෙම සිදුවීමට මැදිහත්වුවේ මාගේ සහ චන්දිමාල්ගේ ඉල්ලීමට බවත්, එය මා නීතීඥවරයෙකු ලෙස නීතියට අනුව කරන ලද ඉල්ලීමක් බවත් ප්‍රකාශකර සිටිමි.

මාගේ සේවාදායකයන්ට ගරු අධිකරණය ඈප ලබාදීමක් සිදුකරන ලද අතර ඉන්පසු පොලීසිය ඔවුන්ව නිරෝධායනයට යවිය යුතුබවට තීරනය කර කොටුව පොලීසියට රැගෙන යන ලදි. ඒ අවස්තාවේ පොලීසිය මාගේ සේවාදායකයන්ගේ මූලික අවශ්‍යතා ගැනහෝ සොයාබැලීමක් නොකරන ලදි. එනිසා මා පොලීසිය භාර ඇමතිතුමාගෙන් ඉල්ලීම කරන ලද්දේ අවම පහසුකමක්වත් නොමැතිව මාගේ සේවාදායකයන් නීරෝධානයනයට ගෙනියන බවත්, අවශ්‍ය අවම පහසුකම් ලබාදීමට කියා කරන ලෙසත්, අවශ්‍ය ඇදුම් සහ අනෙකුත් ද්‍රවය රැගෙන යාමට අවශ්තාව දෙන ලෙසත් ය.

(ඇමතිතුමාට කතාකරල ඉල්ලන්න සිදුවුනේ පොලීසිය මාගේ ඉල්ලීමට ක්‍රියා නොකල නිසා). ඇමතිතුමා මාගෙ ඉල්ලීමට ඒ අවස්තාවේ ක්‍රියාකල බවත්, ඒ අවස්තාවේ බස් රථයේ සිටි මාගේ සේවාදායිකාවක් වන පියුමි හංසමාලි අය අයව ගැරු ඇමතිතුමාට සම්බන්ධ කර දුන්නේ මා බවත්, ඇමතිතුමාට අසත්‍ය මඩ ප්‍රචාර සිදුකිරීම ද්වේශ සහගත් බවත් මා කියා සිටිමි..

චන්දිමාල් ජයසින්හ සහ පියුමි හන්සමාලි ඇතුලු මාගේ සේවාදායකයන්ට සිදුවූ අපහසුතා ගැන මා සරත් වීරසේකර ඇමතිතුමාගෙන් නීතියානුකූලව කරන ලද ඉල්ලීමට නීතියට අනුව ක්‍රියාකරන ලද ගරු ඇමතිතුමාට සිදුවූ අපහසුතා ගැන කනගාටුවෙමි.

– Manju Sri Chandrasena


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments