Gaanu Prasadi

මල්ලි මගෙ කොන්ඩෙ නැති තැන Edit එකෙන් වහලා හදලා දෙන්නකො




කොරෝනා ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ ආරම්භක සමයේ, වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වුනු රටක් තමයි ඉතාලි රාජ්‍යය කියලා කියන්නේ.

ඒ නිසාම ඉතාලියේ ජනතාවටත් කාලයක් “ගෙදරට කොටු වෙන්න” සිද්ධ වුනු බව ඔබට මතක ඇති.

ඉතින්… මේ සමයේදී ඉතාලියේ පදිංචිව ඉන්න, එක්තරා ශ්‍රී ලාංකීක තරුණියක් “සැලූන් යන්න වෙන්නැති එක” ගැන කියමින් පළ කර තිබුණු වීඩියෝව බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා.

ඒ වීඩියෝවත් සමඟ බොහෝ පිරිසක් ඇය ගැන හොයන්න වෙහෙසුණා. ඇත්තටම ඇගේ නම ගානු ප්‍රසාදි. මේ වීඩියෝව නිසාම ප්‍රසිද්ධියට පත්වුනු ඇයට සමාජ මාධ්‍ය තුළත් බොහෝ අනුගාමීකයින් පිරිසක් ඉන්නවා.

ඉතින් ඇය ගැන ආයෙමත් කතාබහක් ඇතිවුනේ ඉතාමත් සංවේදී කතාවක් ඇය මුහුණු පොතේ පළ කරලා තිබුණු නිසා.. ඒ ඇයට තියෙන රෝගයක් ගැන සඳහන් කරමින්. මේ තියෙන්නෙ ඒ සටහන…..

මල්ලි මගෙ කොන්ඩෙ නැති තැන Edit එකෙන් වහලා හදලා දෙන්නකො ….
අයෙමත් එපා …
මම Alopecia රෝගියෙක්
දැනට මාස. 6 කට කලින් මහෙ කොන්ඩය විශාල ප්‍රමානයෙන් යන්න ගත්තා, දවසක් උදේ මම දැක්කා මගෙ හිසෙන් පැත්තක කොන්ඩය නැති වෙලා.
ඒ වෙලාවෙ මට මිහිරි සතුටක් ආවා කියලා මං කියුවොත් විස්වාස කරන එකක් නැහැ, රූපය කියන්නෙ බොහොම තාවකාලික දෙයක්, මන් තුලින්ම එය දැකීම මට මිහිරි අත්දැකීමක් උනා…
මම මේ ගැන කිසිම කෙනෙකුට කියුවෙ නැහැ , මම මේ රෝගය ගැන අන්තර්ජාලයෙ ලිපි ගොඩාක් කියෙව්වා, මෙය සිදුවන්නේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හා සබැදි දෝශයක් හේතුවෙනි.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් සිරුරේ ඇති කේෂ මූලයන් ආගන්තුක ද්‍රව්‍යයක් ලෙස හදුනාගෙන එයට පහර දී ඉවත්කිරිමට උත්සහ කරයි. මෙහි ප්‍රතිපලක් ලෙස රෝම විනාශ වේ.
සමහර අයගෙ එක තැනකින් හිසකෙස් යාම නැවතුනත් බහුතරයකුගෙ කිහිප තැනකම හිසකෙස් හිස්කබලෙන් ගැල වෙනවා. මේ රෝගයට මූලිකව බලපාන්නෙ මානසික ආතතිය , එතකොට මට මානසික ආතතිය තිබිලා , පස්සෙ මටම තේරුම් ගියා මේකට බෙහෙත් නැ කියලා .ස්වභාදහම තරම් ඇත්ත මම කිසිම වෛද්‍යවරයෙක් ගාවට යන්න මට හිත දුන්නෙ නැහැ, ඉතිං මම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු නොවී මුලින්ම , මානසික මට්ටම වර්දනය කරගන්න හිතුවා , දැන් මට ගොඩාක් සුවයි , අද ගත්තු පින්තූරයෙ මට පේනවා මගෙ කොන්ඩය මේ වන විට නැවත හිසකෙස් ටික ටික වර්දනය වෙන්න අරගෙන…. මට සුව වෙන්න පටන් අරගෙන ….
දුකක් දැනගෙන හැම වෙලාවකම පවක් ගෙව්වෙන බව හිතට ගන්න,
මේ ලෝකයෙ සියල්ල අනිත්‍යයි !

May be an image of 1 person, hair, standing, footwear, outerwear and outdoors

May be an image of 1 person and smiling

May be an image of 1 person and smiling


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments