කොරෝනා පාලනය වන තෙක් සංචරණ සීමා ඕනෑ




පවතින වසංගත රෝග තත්ත්වය පාලනය කළ හැකි මට්ටමට පැමිණෙන තෙක් පවතින සංචරණ සීමා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා තිබේ.

සංචරණ සීමා පැනවීම හේතුවෙන් රටේ ආර්ථිකයට බලපෑමක් සිදුවුවද ජනතාවගේ ජීවිතවලට ලැබෙන හිතකර බලපෑම අවතක්සේරු කළ නොහැකි බව රජයට පෙන්වා දී ඇති එම සංගමය බහුතර ජනතාවගේ ජීවිතවල වටිනාකම තාවකාලික ආර්ථික පසුබෑමට වඩා වටිනා බවද සදහන් කර ඇත.

රටේ පවතින තත්ත්වය තුළ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ඉල්ලීමට සවන් දෙමින් ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් රටපුරා සංචරණ සීමා පැනවීමට ජනාධිපතිවරයා ප‍්‍රමඛ රජය ගනු ලැබූ තීරණය අගය කරන බවද එම සංගමය ස`දහන් කරයි.

විශේෂඥ වෛද්‍යවරුන් එසේ රටේ පවතින අභාග්‍යසම්පන්න තත්ත්වයට විසඳුම් සොයද්දී කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල සේවය කරන හෙද හෙදියන්ගේ ගැටලූවලට විසදුම් නොලැබුණේ යැයි ස`දහන් කරමින් වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයකට අවතීර්ණ වීමට සමස්ත ලංකා හෙද සංගමය තීරණය කර ඇත.

එම සංගමය ඊයේ (30 වැනිදා) සඳහන් කර තිබුණේ අදාළ බලධාරීන්ට කොතෙක් කරුණු පෙන්වා දුන්නද හෙද හෙදියන්ගේ ගැටලූවලට මෙතෙක් නිසි විසදුමක් නොලැබීම නිසා මෙසේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට අවතීර්ණ වන බවය. ඒ අනුව අද (31 වැනිදා) පෙරවරුවේ සිට හෙට (01 වැනිදා) පෙරවරුව දක්වා තම සංගමයේ සාමාජිකයන් අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් බැහැර වීමට නියමිතය.

මේ වන විට රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තවත් කොරෝනා ආසාදිතයන් 42 දෙනකු මරණයට පත්ව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තහවුරු කර ඇති බව පෙරේදා (29 වැනිදා) රාති‍්‍ර රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

එම මරණ සංඛ්‍යාවත් සම`ග මේ දක්වා මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාවද 1405 දක්වා ඉහළ ගියේය.

එසේම අලූත් අවුරුදු පොකුර හෙවත් මෙරට කොරෝනා තුන්වැනි රැල්ලෙන් තවත් ආසාදිතයන් 2186 දෙනකු අලූතින් හ`දුනාගත් බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය ඊයේ (30 වැනිදා) පස්වරු 6.00 පමණ වන විට නිවේදනය කරනු ලැබිණි.

මේ අන්දමට දෙදහස ඉක්මවූ දෛනික ආසාදිතයන් වාර්තා වීමක් සති කිහිපයක සිටම මෙරට තුළ සිදුවෙමින් තිබෙන අතර ඊයේ සවස හ`දුනාගත් ආසාදිතයන් 2186 ත් සම`ග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණනද 182,724 ක් දක්වා වැඩි විය.

එසේම කොරෝනා වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් 1434 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අංශ ස`දහන් කරනු ලැබූ අතර එම පිරිසත් සම`ග මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව ද 149,825 ක් බවට පත් විය.

මේ අතර සංචරණ සීමා පනවා තිබෙන අතරතර සෞඛ්‍ය සේවයේ සියලූම සේවකයන්ට තම රාජකාරි හැ`දුනුම්පත පමණක් භාවිත කර ගමන් කිරීමට අවසර ලබා දෙන ලෙස පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා ඊයේ සියලූම උසස් පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබේ.

පවතින තත්ත්වය තුළ සෞඛ්‍ය සේවකයන්ට ලිපි නිකුත් කිරීමට අපහසු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයාට කළ දැනුම් දීමකින් පසුව පොලිස්පතිවරයා මෙම පියවර ගෙන ඇත.

සංචරණ සීමා ලබන 07 වැනිදා දක්වා අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය ඉකුත් 28 වැනිදා තීරණය කළ අවස්ථාවේ අත්‍යවශ්‍ය සේවාවන්හි යෙදෙන සියලූම පුද්ගලයන් රාජකාරි හැ`දුනුම්පතට අමතරව සේවා අවශ්‍යතාව ස`දහන් කරමින් ආයතන ප‍්‍රධානියකු නිකුත් කළ ලිපියක් ඉදිරිපත් කිරීම අනිවාර්ය බවට තීරණය කෙරිණි.

රට තුළ පවතින දරුණු වසංගත තත්ත්වය පාලනය කර ගැනීමේ අරමුණ ඇතිව රජය මගින් සංචරණ සීමා පනවා තිබීයදී එය නොතකා නිරෝධායන රීති උල්ලංඝනය කරමින් දිනක් තුළ සංචරණ සීමා කඩකළ වැඩිම පුද්ගලයන් පිරිස පෙරේදා (29 වැනිදා) අත්අඩංගුවට ගත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඊයේ පැවසීය.

එසේම ඉකුත් ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා සංචරණ සීමා සහ නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් ගණන 17300 ක් බවද අජිත් රෝහණ මහතා පෙන්වා දුන්නේය.

මේ වන විට පනවා තිබෙන සංචරණ සීමාවන් නිසා බෞද්ධ විහාරස්ථානවලට පහසුකම් සලසා ගැනීම දුෂ්කර වී තිබේනම් ඒ ස`දහා කටයුතු කිරීමට රජය මගින් විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇත.

ඒ අනුව සියලූම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන් අදාළ තත්ත්වයන් සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට යොදවන ලෙස ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබේ.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments