වතුර මුට්ටියකට වැටී කුඩා දරුවෙකු මරුට




ගලේවෙල පොලිස් වසමේ දිග්ගල, දේවහූව ප්‍රදේශයේ ඊයේ (මැයි 28) දින සවස 4.10ට පමණ නිවසක මිදුලෙහි සෙල්ලම් කරමින් සිටි වයස අවුරුදු 1යි මාස 8ක් වයසැති පිරිමි දරුවෙකු වතුර පිරී තිබුණු මුට්ට්යකට වැටී මියගොස් ඇත.

මේ සම්බන්ධව ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන බවත් මියගිය දරුවාගේ මෘත දේහය මේ වන විට දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් පොලිස් මූලස්ථානය පවසයි.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments