කොත්මලේ වේල්ල දෙසට යන මාර්ගය ගිලා බසී




කොත්මලේ ජලාශයේ පිවිසුම් මාර්ගයක් අසල අඩි 06 ක පමණ කොටසක් අද (26) දින ගිලා බැස ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පවසනවා

කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මෙම ගිලා බැසීම ජලාශ වේල්ලට මීටර් කිහිපයක් නුදුරින් සිදුව ඇති බවයි ඉංජිනේරුවරයා කියා සිටියේ.

(26) දින අලුයම 5 ට පමණ ගිලා බැස ඇති බවත්, ගිලා බැසිම හේතුවෙන් කොත්මලේ ජලාශ වේල්ලට කිසිදු හානියක් හෝ අවදානමක් නොමැති බවත්, ගිලා බැස ඇති ස්ථානය පිලිසකර කිරිමට කටයුතු කරන බවත්, කාර්ය භාර ඉංජිනේරුවරයා වැඩි දුරටත් කියාසිටියා


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments