කොවිඞ් නිසා මිය යන අයෙකුට ලක්ෂ 25ක්


2 shares


කොවිඞ් වසංගතයෙන් මිය යන පවුල්වලට රුපියල් ලක්ෂ 25ක වන්දියක් ලබාදිය යුතු බවත් වසංගතය මධ්‍යයේ වුවද සේවයේ නිරතවන රජයේ සේවකයෙකුට මසකට රුපියල් 25000 ක අතිරේක දීමනාවක් සහ රුපියල් ලක්ෂ 50ක රක්ෂණාවරණයක් ලබා දිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.

පුවත්පතක් ඇසුරින් අද (25) උදෑසන ස්වර්ණවාහිනී පත්තරය වැඩසටහින් ද මේ පිළිබඳව කරුණු සාකච්ඡා කරනු ලැබුවා.

වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවේ කළ එම ප්‍රකාශය පහතින් දැක්වෙනවා.

“සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සියලූ දෙනාට අපගේත් මුළුමහත් ශ‍්‍රී ලාංකික ජනතාවගේත් ආචාරය හිමි විය යුතුයි. විශේෂයෙන් පොලිස් දෙපාර්තමේන්තුව, ත‍්‍රිවිධ හමුදාව ඇතුළු සියලූ දෙනා විශාල කැප කිරීමක් කරමින් සිටිනවා. ඒ වගේම රාජ්‍ය යාන්ත‍්‍රණයේ සිටින අනෙකුත් ක්ෂේත‍්‍ර නිලධාරීන් සහ සහාය ලබා දෙන අනෙකුත් පිරිස් විඩාවකට පත් වෙලා ඉන්නේ .

ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂය හැටියට අපි කිව්වේ කොවිඞ් ක‍්‍රියාදාමයේ ඉදිරියෙන් කටයුතු කරන සියලූ දෙනාට රුපියල් 25000ක දිරිගැන්වීම සඳහා දීමනාවක් ලබා දෙන්න කියලා.

ඒ වගේම කොවිඞ් වසංගතය හේතුවෙන් මිය යන රාජ්‍ය යාන්ත‍්‍රණයේ සියලූ දෙනාට අනුන්ගේ ජීවිත රකින්න ගිහින් තමන්ගෙ ජීවිතය පූජා කරන නිසා ඔවුනට රුපියල් ලක්ෂ 50 ක රක්ෂණාවරණයක් දෙන්න ඕන කියලත් අපි පවසා සිටියා.

ඊට අමතරව කොවිඞ් නිසා මිය යන මහජනතාව වෙනුවෙන් ලක්ෂ 25 මුදලක් හෝ ඒ පවුල් සඳහා ලබා දෙන්න කටයුතු සලසන්න කියලත් අපි තවදුරටත් එක්සත් ජාතික පක්ෂය හැටියට කියා සිටිනවා.”


Like it? Share with your friends!

2 shares

What's Your Reaction?

Love Love
3
Love
Lol Lol
17
Lol
Wow Wow
5
Wow
Sad Sad
2
Sad
Angry Angry
2
Angry

Comments