අද රාත්‍රී 11 දක්වා සංචරණ සීමා ලිහිල් වෙයි




දිවයින පුරා ක්‍රියාත්මක වූ සංචරණ සීමා අද (25) අලුයම 4 ට ලිහිල් කෙරුණා.

ඒ අනුව, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලට ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවන අතර, අද (25) රාත්‍රී 11 ට යළි බලාත්මක කෙරෙන සංචරණ සීමා ජුනි 07 දක්වා ක්‍රියාත්මකයි.

ඒ අතරතුර මැයි 31 සහ ජුනි 04 වනදා ද අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පමණක් සංචරණ සීමා ලිහිල් කෙරෙනු ඇති.

අද සංචරණ සීමා ලිහිල් කළද නිවසෙන් පිටවීමට කොන්දේසි කිහිපයක් බල පැවැත්වෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ සංචරණ සීමා තාවකාලිකව ඉවත් කළද, වෙළඳසැල් වෙත ගමන් කළ හැක්කේ පාගමනින් පමණක් බවයි.

එසේම, මාර්ගයේ හා වෙළඳසැල් වල වාහන නැවැත්වීම තහනම් බවද ඔහු සඳහන් කළා.

මේ අතර, සංචරණ සීමා කඩ කරන්නන් පිළිබඳ තොරතුරු සෙවීමට යුද හමුදාවෙන් සහ ගුවන් හමුදාවෙන් ඩ්‍රෝන යානා මෙහෙයුම් අඛන්ඩව ක්‍රියාත්මක කෙරෙනවා.

ඊයේ (24) දිනයේදී එලෙස නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 745 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

එසේම, අද දිනයේදී කිසිදු පොදු ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක නොවන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ඊයේ මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ.

මේ අතර, දිස්ත්‍රික්ක 04 ක ප්‍රදේශ කිහිපයක් අද අලුයම සිට හුදෙකලා කෙරුණා.

ඒ අනුව, අම්බලන්ගොඩ – ඌරවත්ත , කිරිබත්ගොඩ – ඊරියවැටිය, නුවරඑළිය – ඩයගම – සන්දිරිගම සහ එහි සත්ත්ව ගොවිපොල කොටසද අද (25) අලුයම සිට හුදෙකලා කළ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments