මේ සතියේ ධනාත්මක පිළිතුරක් ලැබෙනු ඇති බවට හමුදාපතිගෙන් ප්‍රකාශයක් !




ඉදිරි කාලයේ දින 14ක් දැඩි සංචරණ සීමා පැනවීම නොකළ හොත් දැඩි අර්බුධයකට මුහුණ දීමට සිදුවන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් සඳහන් කරනවා.

අද (24) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් මෙම පුවත පිළිබඳව විමසුමට ලක් කළ අතර එහිදී පුවත් පත් වාර්තා කර තිබුණේ මේ පිළිබඳව සැළකිල්ලක් නොදැක්වුවහොත් ජුනි මාසය භයානක බව රජය සහ ජනතාව අවබෝධ කර ගත යුතු බවයි.

මේ සම්බන්ධයෙන් ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනට සජීවීව එක් වෙමින් යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ පසුගිය 17වන දින ජනාධිපති තුමන් ඇතුළු දේශපාලන නායකයන් ,සෞඛ්‍ය අංශ ප්‍රධානීන්,හමුදා ප්‍රධානීන් සහ වෛද්‍ය වෘත්තිය සමිති ගත් තීරණයකට අනුව මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා පැනවීම සිදු කරන බවයි.

සියල්ලන් එකතුව ගත් තීරණයකට අනුව මෙය ක්‍රියාත්මක වන බවද ඔහු පෙන්වා දුන්නා.

ඉදිරියේ දිනවල පැවැත්වෙන සාකච්ඡාවලදී බොහෝ දුරට මීට ධනාත්මක පිළිතුරක් ලැබෙනු ඇති බවයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

28වන දිනට පසුව ගනු ලබන තීරණ අදින් ඇරඹෙන සතිය තුළ දැනුම් දීමට නියමිත බවත් හමුදාපතිවරයා කියා සිටියා.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
2
Lol
Wow Wow
6
Wow
Sad Sad
2
Sad
Angry Angry
3
Angry

Comments