ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ එක්රැස්කර ගන්න


3 shares


නිවෙස් තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ අවශ්‍ය ප්‍රමාණයට ගබඩා කරගන්නා ලෙස යුද හමුදාපතිවරයා පවසනවා.

සතියකට පෙර අදාළ සංචරණ සීමා පනවන දින සම්බන්ධයෙන් දැනුම් දුන්නේ, භාණ්ඩ රැස්කරගැනීමට බවයි ඔහු අවධාරණය කළේ.

සංචරණ සීමා කාලයෙහි කිසිවකු නිකරුණේ මං මාවත්වල ගමන් කිරීම, නිවෙස්වලට පිටස්තරයන් එක්රැස් කර ගැනීමෙන් වැළැකී සිටිය යුතු වනවා.

මෙලෙස දීර්ඝ සංචරණ සීමාවන් පැනවීමෙන් පවතින කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගැනීමට රුකුලක් වන බව සෞඛ්‍ය අංශ අවධාරණය කිරීම මත ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම සංචරණ සීමාවන් දැමූ බවද සඳහන්.

හෙට රාත්‍රී 11 සිට මැයි 25 වනදා අලුයම 4 දක්වා සංචරණ සීමා පනවා බව මීට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

අනතුරුව මැයි මස 25 වනදා රාත්‍රී 11 සිට මැයි 28 වනදා අලුයම 4 දක්වා යළිත් සංචරණ සීමා ක්‍රියාත්මක කරන බවයි යුදහමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


Like it? Share with your friends!

3 shares

What's Your Reaction?

Love Love
7
Love
Lol Lol
1
Lol
Wow Wow
2
Wow
Sad Sad
6
Sad
Angry Angry
5
Angry

Comments