කොවිඩ් ආසාදිතයන් මින්පසු ළඟම මධ්‍යස්ථානයට හෝ රෝහලට




කොවිඩ් ආසාදිතයන් ඔවුන් පදිංචි ස්ථානයටය ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථානයට හෝ අතරමැදි මධ්‍යස්ථානවලට ඇතුළත් කර ප්‍රතිකාර කිරීමට කොවිඩ් 19 විශේෂ ක්‍රියාකාරි කාර්ය සාධක කටුව තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය හා නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී එම කමිටුව ඊයේ (17) රැස්වූ අතර එහිදී මෙම තීරණ ගෙන තිබේ. පුද්ගලයකු ආසාදිතයකු බවට පත්වූ විට ඔහුට සහ ඔහුගේ පවුලට ඇතිවන මානසික පීඩනය පිළිබඳව අවධානය යොමු කරමින් මෙම පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එහිදී සඳහන් කළාය.

අමාත්‍යාංශයට අමතරව විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන ඉදිකළ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට අවශ්‍ය උපකරණ ලබා දීමට ද එහිදී තීරණය විය. අතිරීක්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩල සිටින රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන වලින් එම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට කාර්යමණ්ඩල යොමුකිරීමට තීරණය කළ එම කමිටුව, පී.සී.ආර්. පරීක්ෂණවලට සමගාමීව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ක්ෙෂ්ත්‍රය තුළ වැඩි වශයෙන් කිරීමට ද තීරණය කළේය. දෙවැනි එන්නත් මාත්‍රාව ලබා දීමට අවශ්‍ය එන්නත් තොග මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම් කිරීමට කොවිඩ් 19 විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන කමිටුව රාජ්‍ය ඖෂධ සංස්ථාවට උපදෙස් දුන්නේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෙද්‍යා, මේර් ජෙනරාල් සංජී මුණසිංහ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම කමිටු රැස්වීමට සහභාගි වූහ.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments