මෙරටින් වාර්තා වූ තෙවැනි ගැබිණි මරණය




කොරෝනා වයිරසය ආසාදනය වූ 28 හැවිරිදි ගැබිණි මවක කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිසේරියන් සැත්කමකට ලක් කිරීමෙන් පසුව මරණයට පත්ව තිබෙනවා.

කොබෙයිගනේ බොරළුගොඩ ප්‍රදේශයේ පදිංචි ඇයට කොරෝනා වයිරසය ආසාදනයවීමෙන් පසුව අසාධ්‍ය තත්ත්වයට පත්ව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිසේරියන් සැත්කමකට යොමු කර ඇති බව සඳහන්.

එම සැත්කමෙන් ප්‍රසූත කරන ලද දරුවාගේ ජීවිතය ගලවා ගැනීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සමත්ව ඇතත් වයිරසය ආසාදනය වීම හේතුවෙන් සැත්කමෙන් අනතුරුව මව මරණයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙය කොරෝනා ආසාදනය හේතුවෙන් මෙරටදී සිදුවූ තෙවන ගැබිණි මරණය යි.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments