ලෝක දහම මේතරම් කෲරද ?


4 shares


“මේවා දකින්න අපි පව්කරලා….පියාගෙ දුක …අසරණ කම…..”

“ඔබලාට මේ දුක දරාගන්නට
හිතේ ශක්තිය වැඩි වේවා !”

ජීවිතේ කියන්නේ අපි අමාරුවෙන් ඇවිදලා යන්න ආපු තාවකාලික ගමනක්. අපිට අපේ සමීපතමයින් කොයි මොහොතක අහිමි වෙයිද කියන්න කවුරුත් දන්නෙ නැහැ.

මේ කතාව අපිට හමුවුණේ “නිසඳැස් කවි ගී අරණ” කියන සමූහයෙන්. දරුවන් දෙදෙනෙකුත්, සැමියෙකුත් සඳහටම අත්හැරලා යන අම්මෙකු ගැනයි ඒ දුක හිතෙන කතාව. පිළිකා මරුවෙකු හිත්පිත් නැතුවම මේ අම්මව දරු පැටවුන්ගෙන් උදුරලා අරගෙන…

කෙනෙක් ඒ කතාව මෙන්න මේ විදිහට කවි කරලා තිබුණා. ඒ කවියට ගොඩක් අය ප්‍රතිචාර දක්වලත් තිබුණා.

දිවි හිමියෙන් රැකුම් තැන්
කරන්නට ඇති………
දරැ සෙනෙහස් නොමසුළුව
පුදන්නට ඇති……
ආදර පෙම්බස් කතා ජීවිත
බෙදන්නට ඇති………..
ඉක්මනින් මෙලෙස යාවි යැයි
නොසිතන්න ඇති……..
ගමන් මග පෙරමුනේ වීර්‍යය
බෙදන්න්නට ඇති……..
බාධක කම්කටොළු තැන
රකින්න ඇති ………
මහමෙරක් යැයි කියන බර
දරන්නට ඇති………
නිසොල්මනේ හිදිනට
නොසිතන්න ඇති………….
සැමි දරැ තුරැළු තැන් මතකෙට
එන්න ඇති ……….
රසකතා සුරතල් මතකයට
දෑස් තෙමෙන්නට ඇති……
මව් ගුණ දම් පැටවුණට
⁣යහමින් දෙන්න ඇති……..
දමා යුහුතැන් අවරට දෙන්නට
නොසිතන්න ඇති ………..
නොතේරැම් හිත අහනවා ඇති……..
අප්පච්චි ඇයි අම්මි තාම නිදි..
ඇහැරෙන්න කියන්න, මට හදන
සුවඳ කිරි දෙන්න කියනවා ඇති…..
ඒ පපුවෙ ගින්දර මහ හයියෙන්
දැවෙනවා ඇති………
ජීවිත ගමන මග තනියම යනු ඇති
සැමි දරැ නෑදෑ හිත තැවෙනවා ඇති
යාළු මිතුරැ ගුණදම් වයනවා ඇති……..
ඒත් නුඹ නිසොල්මනේ
අප හැර යනු ඇති…………
නිවන් සුව පතනෙමි………..
මිතුරිය ……………..
නුඹ මිතුරිය වෙනුවෙන්
හිත දැණුන තැනට
ලියවුනෙමි…..
#ලිලියා


Like it? Share with your friends!

4 shares

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
6
Wow
Sad Sad
30
Sad
Angry Angry
3
Angry

Comments