මෙරටින් දිනකදී වාර්තා වුණු වැඩිම කොවිඩ් මරණ ඊයේ වාර්තා වෙයි




කොරෝනා ආසාදිතයින් 2,624 ක් ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක් 128,530ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ. කෙසේවෙතත් එම පිරිසෙන් රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් එක් ලක්‍ෂ 5,611 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.

තවදුරටත් රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 22,118ක්.

මේ අතර ඊයේ දිනයේදී කොරෝනා මරණ 26 ක් මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 827 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනක් තුළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේද ඊයේ දිනයේයි.

එලෙස මියගිය පිරිස අතර වත්තේගම ප්‍රදේශයේ මාස තුනක් වයසැති බිළිදියෙකුද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම බිළිදිය මියගොස් ඇත්තේ කොවිඩ් නියුමෝනියාව සහ බහු ඉන්ද්‍රීය අක්‍රීයවීම හේතුවෙන්. ඊයේ වාර්තා වූ කොරෝනා මරණ අතරට පිරිමි පුද්ගලයින් 14 ක් සහ කාන්තාවන් 11 දෙනෙකු අයත් බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළා.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments