කොවිඩ් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැනුම් දීමක්




කොවිඩ් වයිරසය වාතයෙන් බෝවන බවට විද්‍යාත්මක නිගමනයක් නොමැති බවත් දැනට තහවුරු වී ඇත්තේ බිඳිති මගින් සම්ප්‍රේෂණය වන බව පමණක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දුන් බව එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දකුණු හා නැගෙනහිර ආසියානු රටවල විශේෂ නියෝජිත විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (30දා) රාත්‍රියේ පැවැති සාකච්ඡාවකදී තමන් කළ විමසුමකදී මෙම පිළිතුර ලැබුණ ඔහු අවධාරණය කර සිටියේය.

එම නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් ආරක්ෂා කිරීම ජනතාවගේ වගකීමක් බව වෛද්‍ය පාලිත අබේකෝන් ප්‍රකාශ කරයි. කොවිඩ් වාතයෙන් බෝවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පසුගියදා ප්‍රකාශ කළාය. එහෙත් කොවිඩ් වාතයෙන් බෝ ​නොවන බව රසායනාගාර විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් අවධාරණය කර සිටියේය. වාතාශ්‍රය අඩු කාමර හා වායු සමීකරණය කළ කාමරවල කොවිඩ් පැතිරීමේ අවදානමක් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල​ ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අාචාර්ය චන්දිම ජීවන්දර කියා සිටියේය.

උදයජීව ඒකනායක


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments