මුහුදු පතුළේ සැඟවුණු සබ්මැරීනය, ගිලී යාමට පෙර ගත් වීඩියෝ දර්ශන පෙළක් එළියට




ඉන්දුනීසියානු මුහුදේ ගිලී ගිය සබ්මැරීනයේ නැවියන් ඇතුළු නිලධාරීන් 53ක පිරිසට ජනපති ජෝකේ වීල්ඩෝඬේ විසින් උසස් වීම් ලබා දී තිබෙනවා.

එසේම මිය ගිය නැවියන්ගේ දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා පහසුකම් ලබාදීමට ඉන්දුනීසියානු රජය තීරණය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

නන්ගාලා නමින් හඳුන්වන මෙම සබ්මැරීනයේ සියලූම නැවියන් මියගොස් ඇතැයි ඉන්දුනීසියානු නාවික හමුදාව තහවුරුකර තිබෙනවා.

සැබ්මැරීනයේ නැවියන් සියලූ දෙනාම දේශප්‍රේමීන් බවත් ඔවුන් රටේ ස්වෛරීභාවය රැකීමට කැපවූවන් බවත් ඉන්දුනීසියානු ජනපතිවරයා පවසනවා.

මෙම සබ්මැරීනය ගිලා බැස ඇති ස්ථානය මීටර් 2500ක ප්‍රදේශයේ යැයි සොයාගෙන ඇති අතර එය ගොඩ ගැනීම අපහසු වී තිබෙනවා.

එහෙත් සුන්බුන් කීපයක් ඉන්දුනීසියානු නාවික හමුදාව සොයාගෙන ඇති බව ද වාර්තා වනවා.

මේ අතර… ගිලී ගිය සබ්මැරීනයේ කාර්ය මණ්ඩලය ඔවුන්ගේ යාත්‍රාව තුළ ගීතයක් ගයන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

සති කිහිපයකට පෙර රූගත කරන ලද මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ නැවියන් විසින් “සමුගැනීමේ කියමනක්” අර්ථ දැක්වෙන ගීතයක් ගයන අයුරුයි.

“මම ඔබව අතුරුදහන් වීමට සුදානම් නැතත්, ඔබ නොමැතිව ජීවත් වීමට මම සුදානම් නැහැ.. මම ඔබට සුබ පතමී..” ඔවුන් එසේ ගීතයෙන් ගයනවා.

කෙසේ වෙතත්, නාවික හමුදාවේ සබ්මැරීන් බළකායේ අණදෙන නිලධාරියාට සමුගැනීමක් ලෙස මේ පටිගත කිරීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments