මාර්ග බාධකයේ අහඹු පරීක්‍ෂාවෙන් 56%කට කොරෝනා


1 share


අඹගමුව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලය මගින් ඉකුත් (24) දින ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොල අසලදි සිදු කරන ලද අහඹු පි.සි.ආර් පරික්ෂණ 45 කින් 26 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (29) දින ලද පි.සි.ආර් වාර්තාව අනුව තහවුරු වි ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.

අඹගමුව, මස්කෙලිය, කොටගල, ලිදුල, බගවන්තලාව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශවලින් මෙම අසාදිතයන් 26 දෙනා හමු වි ඇති බවත්, එම අසාදිතයන් කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරතව සිට වතුකරයේ තම නිවාස වලට පැමිණි පිරිසක් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

අසාදිතයන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කර අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට අදාල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කරනු ඇති බවද අඹගමුව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ


Like it? Share with your friends!

1 share

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
1
Sad
Angry Angry
0
Angry

Comments