අද දහවල් 12න් පසු බස්නාහිර පළාතට ඇතුල්වන සහ පිටවන ජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්




කෝවිඩ් රෝගය පළාත් අතර පැතිරීම වැළැක්වීම සඳහා අද දහවල් 12 සිට බස්නාහිර පළාතේ තෝරා ගත් ස්ථාන 12ක පොලිසිය,සෞඛ්‍ය අංශ හා ත්‍රිවිධ හමුදාව එක්ව බස්නාහිර පළාතට ඇතුළු වන සහ පිටවන වාහන විශේෂ පරීක්ෂාවට පරීක්ෂාවකට ලක් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසනවා.

එම ස්ථාන වන්නේ කොච්චිකඩේ තෝප්පුව පාලම, කොටදෙණියාවේ බඩල්ගම පාලම, නිට්ටඹුව හැලගල හන්දිය,මීරිගම ගිරිඋල්ල පාලම,දොම්පේ සමණබැද්ද පාලම,හංවැල්ල වනහගොඩ පාලම,අලුත්ගම බෙන්තර පාලම, තිනියාවල තිනියාවල හන්දිය,ඉංගිරිය කැට කැදැල්ල පාලම,බදුරලිය සමන් දේවාලය අසල, මීගහතැන්න ගොරකා දුව අවිත්තාව පාලම, මෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුමයි.

මෙම ස්ථානවල දී බස්නාහිර පළාතෙන් පිටව යන සහ බස්නාහිර පළාතට ඇතුළු වන පුද්ගලයින් අහඹු ලෙස තෝරා ගෙන ක්ෂණික කොවිඩ් 19 පරීක්ෂණ සිදු කිරීමටත් නියමිතයි.

අද දින දහවල් 12.00 නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම මෙහෙයුමේ අරමුණ වන්නේ පළාත් අතර කෝවිඩ් රෝගීන් ගමන් ගන්නේ දැයි යන්න සොයා බැලීම සහ පළාත් අතර කොවිඩ් රෝග ව්‍යාප්තියේ පරිමාව සොයා බැලීමයි.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
1
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
4
Sad
Angry Angry
3
Angry

Comments