ශ්‍රී ලංකාවෙන් වාර්තාවන බහුතරක් පෙන්වන්නේ ඉන්දියාවේ රෝගීන් පෙන්වන රෝග ලක්ෂණ




වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ වාර්තා වන රෝගීන් පෙන්වමින් සිටින්නේද ඉන්දියාවේ රෝගීන් පෙන්වන රෝග ලක්ෂණ වලට සමාන රෝග ලක්ෂණ බව හෝමාගම කොව්ඩ් මර්ධන රෝහලේ කායික රෝග පිළිබඳ වි‌‌‌ශේෂඥ වෛද්‍ය එරංග නාරන්ගොඩ පවසනවා.

වර්තමානයේ කොවිඩ් ආසාදිත රෝගීන් වෛරසය ශරීරයට ඇතුළු වී දින තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත නියුමෝනියා තත්වයට පත්වීමේ අවදානමක් පවතින බව ඔහු පවසනවා.

එලෙස නියුමෝනියා තත්වයට පත් වූ පසු බොහෝ විට ඔවුන්ට ප්‍රතිකාර කිරීමට සිදුවන්නේ ස්වසන ආධාරක වලට සවිකොට ඔක්සිජන් ලබා දෙමින් බවද ඔහු සඳහන් කරනවා.

මේ වන විටත් හෝමාගම රෝහල තුළ ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් හතරෙන් එකකට පමණ කෘතීම ස්වාසනාධාරක යන්ත්‍ර ආධාරයෙන් ප්‍රතිකාර ලබාදීමට සිදුව ඇති බවද ඔහු මෙහිදී සඳහන් කළා.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
1
Love
Lol Lol
0
Lol
Wow Wow
1
Wow
Sad Sad
4
Sad
Angry Angry
0
Angry

Comments