විනෝද චාරිකා ගිය වත්තල සහ දිවුලපිටියේ පුද්ගලයින් 52කට කොරෝනා




අලුත් අවුරුදු සමයේ බස් රථ මගින් විනෝද චාරිකා ගිය දිවුලපිටිය සහ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් 52 කට අද දින වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න පවසනවා.

දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් 45 දෙනෙකු බස් රථයකින් නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවකට ගොස් ඇති අතර එයින් 38 දෙනෙකුටම මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

එසේම වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් ද පසුගිය අලුත් අවුරුදු සමයේ බස් රථ මගින් විනෝද චාරිකාවකට සහභාගී වී ඇති අතර, ඒ පිරිස අතුරින් 14 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මේ අතර ඉදිරි දින වලද අලුත් අවුරුදු ප්‍රීතිය නිමිත්තෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයකම බයිසිකල් ධාවන තරග සහ මැරතන් ධාවන තරග පැවැත්වෙන බවට විශාල පුවරු ප්‍රදේශය පුරා මහජනතාව දැනුවත් කිරීම සදහා සවි කර තිබෙන අයුරු දක්නට ලැබෙන බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කලේ.

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ කර්මාන්තශාලා තුළින් ද අද දිනයේ දී තවත් සේවකයින් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments