මීගමුව මෝචරියේදී මිනියට පණ ඇවිත්




මීගමුව මහ රෝහලට වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කළ රෝගියකු මියගොස් ඇතැයි නිගමනය කර දේහය රෝහලේ මෘත ශරීරාගාරයට යැවීමට වෛද්‍යවරයකු කටයුතු කළත් රෝහල් මෘත ශරීරාගාරයේදී මියගියා යැයි සිතූ අයට යළි පණ ලැබීමේ (යළි පණ ඒමේ) සිද්ධියක් මීගමුව දිස්ති‍්‍රක් මහ රෝහලෙන් ඊයේ (09 දා* වාර්තා විය.

මෙම සිද්ධියට මුහුණදී ඇත්තේ මීගමුව දුන්ගාල්පිටිය මැදපිටිපන පදිංචි 40 හැවිරිදි ධීවර කාර්මිකයෙකි. ඔහු විවාහකයෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආනාවරණය වූ කරුණු මෙසේය. 9 දා පෙරවරුවේ සිද්ධියට අදාළ අය බරපතළ රෝගී තත්ත්වයෙන් මීගමුව මහ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.

එහිදී රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා රෝගියා පරීක්‍ෂා කර බලා ඔහු මියගොස් ඇති බවට නිර්දේශ කර රෝගියාගේ දේහය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකර ඒ පිළිබඳව රෝහල් පොලිසියට දැනුම්දී ඇත. රෝහල් පොලිසියෙන් ලත් තොරතුරු අනුව රෝගියාගේ ඥාතීන් රෝහල් මෘත ශරීරාගාරයට පැමිණ රෝගියාගේ ශරීරය අල්ලමින් අඳෝනා නැගීමට පටන්ගෙන ඇත. එහිදී එක්වරම රෝගියා අත එසවූ නිසා ඔහු මියගොස් නැති බවට ඔවුන් කෑකෝගසා ඇත. පසුව වහා රෝගියා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා රෝහලේ 4 වාට්ටුවට ඇතුළත් කර තිබේ. මූලික වෛද්‍ය පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත්තේ රෝගියා සීනි අඩුවී කෝමා තත්ත්වයට පත්වී සිහිසුන්වී සිටි බවයි. මෙම රෝගියා පරීක්‍ෂා කර ඔහු මියගියේ යැයි නිගමනය කර රෝහල් මෘත ශරීරාගාරය වෙත යැවූ වෛද්‍යවරයා සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්‍ෂවරයා විනය පියවර ගැනීමට කටයුතු කරන බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments