කුකුළු මස් කිලෝවක මිල රුපියල් 800 දක්වා ඉහළ දැමීමට සිදුවනවා..!




මහාපරිමාණ කුකුළුගොවිපල හිමියන් විසින් කුකුළු මස් මිල ඉහළ දමා ඇති නිසා, තමන්ට ද කුකුළු මස් කිලෝවක සිල්ලර මිල රුපියල් 800 දක්වා ඉහළ දැමීමට සිදුවන බව කුකුළුමස් අලෙවිකරුවන්ගේ සංගමය පවසයි.

මේ වන විට, තොග වෙළෙන්දන් විසින් කුකුළුමස් අලෙවිකරනු ලබන්නේ කිලෝවක් රුපියල් 700 ක මිලට බව පැවසේ.

කුකුළුමස් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 550 ක් ලෙස නියමකර තිබුණි. නමුත් එම මිලට කුකුළුමස් අලෙවිකළ නොහැකි බවයි කුකුළුමස් අලෙවිකරුවන් පවසන්නේ.

උද්ගතව පවතින තත්ත්වය සම්බන්ධයෙන් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග සාකච්ඡුා කළ ද මේ දක්වා තමන්ට විසදුමක් නොලැබුණු බව ඔවුන් පවසයි. ඒ අනුව, එළැඹෙන උත්සව සමය තුළ කුකුළුමස් අලෙවිසැල් වසා දැමීමට සිදුවන බව කුකුළුමස් අලෙවිකරුවන්ගේ සංගමය අනතුරු හගවා තිබේ.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments