පිළිකාකාරක විෂකාරක අඩංගු පොල්තෙල් ‘මේ ඉන් ශ්රී ලංකා’ නාමයෙන් වෙළඳපොලේ විකිණීමට ඇති බව පාරම්පරික පොල් තෙල් නිෂ්පාදන කරුවන්ගේ සංගමය සඳහන් කරයි.
මේ හේතුවෙන් ‘මේඩ් ඉන් ශ්රී ලංකා’ වෙළෙඳ නාමය ද බරපතල අනතුරක ඇතැයි එහි කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා කියා සිටී.
මෙම තත්ත්වය මත වෙළෙඳ පොළෙන් පොල් තෙල් තෝරා ගැනීමේදී අතිශය ප්රවේශම් විය යුතු බවද ඔහු කියා සිටී.
අන්තර්ජාල නාලිකාවක් සමග සිදු කරන සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පල කරයි.