දංකොටුව පොලිසිය පසුගිය දා පොලිස් භාරයට ගත් පිළිකා කාරක සහිත බවට සැක බවුසර් දෙකෙහි තිබූ පොල් තෙල්වල ඇෆ්ලටෝක්සින් අඩංගු යැයි තහවුරු වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පවසයි.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ලබා දුන් අදාළ පොල් තෙල් සාම්පලවල වාර්තා අනුව එම සාම්පලවල ඇෆ්ලටෝක්සින් අඩංගු බව සනාථ වී ඇතැයි ඔහු පැවසීය.
මීට අමතරව, රජයේ රස පරීක්ෂකවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය වෙත ද පොල් තෙල් සාම්පල යොමු කළ අතර එම වාර්තා ද ලැබුණු පසු ඉදිරි පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව තවදුරටත් පරීක්ෂණ පවත්වයි.