හාල් කතාවේදී තමන්ට වැරදුන බව බන්දුල පිළිගනී




හාල් කිලෝ තුනක් සති දෙකකට ඇති..! – වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන | හාල් කිලෝ තුනක් සති දෙකකට ඇති කියල මන් කිව්වෙ නෑ – වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන

එක් පවුලකට සති දෙකක් සඳහා හාල් කිලෝ තුනක් ප්‍රමාණවත් යැයි වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මංත්‍රී තුෂාර ඉන්දුල් මහතා ප්‍රශ්න කර සිටියා. නමුත් එයට පිළිතුරු ලබාදෙමින් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ තමන් එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. තමන් එවැනි ප්‍රකාශයක් සිදුකර ඇත්නම් වහාම එය සාක්ෂි සහිතව ඔප්පු කරන ලෙසත් නිකරුනේ චෝදනා එල්ල නොකර ලෙසත් අමාත්‍යවරයා මංත්‍රී තුෂාර ඉදුනිල් මහතාගෙන් ඉල්ලා සිටියා.

කෙසේවෙතත් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එක් පවුලකට හාල් කිලෝ තුනක් සති දෙකක් සඳහා ප්‍රමාණවත් බවට කළ ප්‍රකාශයක් සමාජ ජාල තුළ දැඩි ලෙස සංසරණය වෙමින් පැවතුනා.

එම වීඩියෝ දෙකම පහළින්,

එතැන් සිට මේ දක්වා වූ සිදුවීම පහත වීඩියෝවෙන් බලන්න…

 

මම ප්‍රකාශ කරද්දී සමහර ප්‍රකාශන වලදී යම් යම් කරුණු වරදින්න පුළුවන්. – වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන

තමන්ගේ සමහර ප්‍රකාශන වලදී යම් යම් කරුණු වැරදීමේ හැකියාව පවතින බවත්, පුද්ගලයෙකුට කියන එක පවුලකට යැයි කියවෙන්න ඇතැයි වෙළෙද ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කරයි. එක පවුලකට සහල් කිලෝ තුනක් සති දෙකකට ප්‍රමාණවත් බවට තමන් පසුගියදා මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශය පිළිබව කරුණු දක්වමින් ඇමැතිවරයා මේ බව සදහන් කළේය. වෙළෙද අමාත්‍යාංශයේදී අද (07 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව පැවසුවේය. සතොස/ලක් සතොස ආයතනයේ සභාපති ආනන්ද පීරිස්, සතොස ප්‍රධාන විධායක නිළධාරී අනුර පණ්ඩිතරත්න යන නිළධාරීන්ද මෙම අවස්ථාවට සහභාගි විය.

පුද්ගලික අංශය විසින් සපයන සහන මල්ල සතොස සපයන රුපියල් දහසේ සහන මල්ලට වඩා අඩු ප්‍රමිතියකින් යුතු බවද ​ඇමැතිවරයා කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,

“අද විපක්ෂය මම කියපු වචනයක් අල්ලාගෙන සිටිනවා.එය කිසිම කෙනෙකුට හානියක් වන දෙයක් නොවෙයි.ලූණු කිලෝවක් පවුලකට සති දෙකකට ඇති. පරිප්පු කිලෝවක් සති දෙකකට ඇති.මම කියන දේ නොවෙයි වැදගත් වන්නේ කරනදේයි වැදගත් වන්නේ.මම ප්‍රකාශ කරද්දී සමහර ප්‍රකාශන වලදී යම් යම් කරුණු වරදින්න පුළුවන්.පුද්ගලයෙකුට කියන එක, පවුලකට කියලා කියවෙන්න පුළුවන්.ඒවා සිද්ධි විතරයි.කියන්නා කෙසේ කීවත් සිහිබුද්ධියෙන් අසන්න පුළුවන් ජනතාවක් මෙම වැඩපිළිවෙල වැළදගෙන සිටින නිසා සතොස වෙළෙදසැල් වල සාමාන්‍ය දෛනික අලෙවිය රුපියල් කෝටි දෙකකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.”


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments