අසීමිත අන්තර්ජාල සේවා ලබන සතියේ සිට ?




අසීමිත අන්තර්ජාල සේවා පැකේජ ලබන සතියේදී හඳුන්වා දෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

එහි අධීක්ෂණ කටයුතු ද සිදු කරන බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

මේ සඳහා සියලු සේවා සපයන ආයතන මේවන විට ඔවුන්ගේ සැලසුම් ඉදිරිපත් කර ඇති බවත් එම සැලසුම් නැවත සලකා බැලීමකින් අනතුරුව ලබන සතියේ සිට ඒවා ක්‍රියාවට නැංවීමේ හැකියාව සොයා බලන බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට මෙම සතිය තුල හැකිවනු ඇති බව එසේවුවහොත් ලබන සතියේ සිට ජංගම දුරකථන භාවිත කරන පාරිභෝගිකයන්ට අධිවේගී අන්තර්ජාල පහසුකම් අඛණ්ඩව ලබාදීමට හැකිවනු ඇති බවටයි ඔහු විශ්වාසය පළකළේ.

කෙසේවෙතත් මෙම පහසුකම් සැපයෙන පැකේජ මෙතෙක් එළිදක්වා නැහැ.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
1
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments