අද නිකුත්වන පිළිකාකාරක සහිත ආහාර සහ ආයතන ලැයිස්තුව




ප්‍රමිතියෙන් තොර සහ නිසි ප‍්‍රමිතියක් සහිත ආහාරපාන පිළිබඳ සහ ඒවා නිෂ්පාදනය කරන හා ආනයනය කරන ආයතන පිළිබඳ වාර්තාවක් අද (06) දින ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය විසින් ලබාදීමට නියමිත බව වාර්තා වනවා

ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජනරාල්වරුන් වන එස්. යූ. නාරංගොඩ සහ බී. එම්. බී. ඞී. නීලකාන්ති යන දෙදෙනා විසින් මේ බව ලිඛිතව දැනුම් දී ඇතැයි අග‍්‍රමාත්‍ය මාධ්‍ය ප‍්‍රකාශක සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පේ‍්‍රමනාත් සී.දොලවත්ත මහතා පවසා තිබෙනවා

ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය විසින් පිළිකාකාරක සහිත ආහාරපාන බොහොමයක් පවතින බවට මාධ්‍ය වෙත කියා සිටි කරුණ සම්බන්ධයෙන් මේ කඩිනම් වාර්තාව ඉල්ලා සිටි බවත් ඒ අනුව අදාළ වාර්තාව ප‍්‍රමිති ආයතනය විසින් අද දින ලබාදීමට නියමිත බවත් අග‍්‍රමාත්‍ය මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
5
Sad
Angry Angry
7
Angry

Comments