ලංකාවේ නිෂ්පාදනයක් කියා සුපර් මාර්කට්වල රට පොල් තෙල් විකුණන මාෆියාවක්




Exclusive – සති කිහිපයකට පෙරදී රේගුවෙන් මුදා ගන්නා ලද පොල් තෙල් තොගයක් අද (05) සිට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයකි (Manufactured In Sri Lanka) යන ලේබල් අලවා සුපිරි වෙළඳ සැල්වලට බෙදා හැරීමට කටයුතු කර ඇති බව සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා කියයි.

ලංකාවේ ප්‍රධාන තෙල් ආනයනික සමාගමක් විසින් සති කිහිපයකට පෙර පොල් තෙල් මෙට්‍රික් ටොන් 8300ක් හා පාම් ඔයිල් මෙට්‍රික් ටොන් 400ක් ගෙන්වූ බවත්, අදාළ තෙල් තොගය මෙසේ සුපිරි වෙළඳ සැල්වලට දමා ඇතැයි පැවසේ.

මේ අතර, ආනයනික පොල් තෙල් සඳහා වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීමට අවසර ලබා දෙන ගැසට් නිවේදනය අවලංගු කිරීමට දැනට මාස හතරකට පෙර තීන්දු කළ ද එය මෙතෙක් ක්‍රියාත්මක කර නැතැයි ද බුද්ධික මහතා කියයි.

මේ ගැසට්ටුව අවලංගු කිරීම ප්‍රමාද කරන්නේ අදාළ සමාගම ගෙන්වූ තෙල් නැව විකුණා අවසන් වන තෙක් යැයිද ඔහු චෝදනා කර සිටී.

හොඳ පොල් තෙල් 500ට 300ට විකුණන්න බැහැ

හොඳ පොල් තෙල් බෝතලයක් රුපියල් 500ත් 300ත් අතර මිලකට විකිණිය නොහැකි බවත්, ඒ පොල් තෙල් බෝතලයක් සකස් කිරීමට අවම වශයෙන් පොල් ගොඩි 6.2ක් අවශ්‍ය බවත්, නිෂ්පාදන කියාවලියට වැයවන මිලත් පොල් සඳහා වැයවන මිලත් අනුව පොල් තෙල් බෝතලයක් නිෂ්පදානයට රුපියල් 500කට වඩා වැඩි මුදලක් වැයවන බවත් ඔහු කියා සිටී.

බෝතලයේ හැඩයට සුපිරි වෙළද සැල්වල ඇති පොල් තෙල් බෝතල්වල ලීටර් 750ක් නොවන බවත්, එම බෝතල්වල සඳහන්වන්නේ ඒ තුළ ඇත්තේ ලීටර්

මේ අතර, වසර ගණනක් තිස්සේ ජනතාවට වස තෙල් කවන ලද අදාළ කණ්ඩායම් මේවන විට රූපවාහිනී, පුවත්පත් හා වෙනත් මාධ්‍යවලට දැන්වීම් ලබාදෙමින් සිය තෙල් විකුණා ගැනීමට පුළුල් ප්‍රචාරයක් ලබා දෙන අතරේම පොල් තෙල් පුවත් පල කිරීමෙන් වලකින ලෙස බලපෑම් කරමින් සිටින බවද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments