රට පුරා පිළිකා කාරක වස පොල්තෙල් බෙදාහැර ඇතැයි මාධ්‍ය වාර්තා පළවෙද්දී පොල්තෙල් වස වෙන්නේ කෙසේද? ඒවා භාවිතා කිරීම මගින් පිළිකා බෝ වෙන්නේ කෙසේද?
වස පොල්තෙල් වල වස ඉවත්කර ගන්නේ කෙසේදැයි ප්‍රකට රසායනික විද්‍යාඥයෙකු වන ආචාර්ය පියල් ආරියනන්ද මහතා විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පැහැදිලි කර තිබේ.
එසේම, ඔහු සඳහන් කරන්නේ පොල්තෙල් වලට අමතරව මෙම පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය අනිකුත් ආහාර ද්‍රව්‍ය වලත් වර්ධනය වන බවයි.
මේ නිසා, එම ආහාර ද්‍රව්‍යද මෙම විෂ රසායනිකය ඉවත් කරමින් භාවිතා කරන ආකාරය ආචාර්ය පියල් ආරියනන්ද මහතා මෙහිදී පෙන්වා දී ඇත.