ලාංකේය සිනමාවේ සුන්දර දඟකාරිය තමයි රුවන්ගි රත්නායක කියන්නේ. රුවන්ගි කියන නම ඇසු පමණින් සියලුමදෙනා ඇය හඳුනනවා, එතරම් ඇය ජනප්‍රියයි. පුංචි තිරය හරහා කළා ක්ෂේත්රයට පැමිණ, සිංහල සිනමා ක්ෂේත්රයේත් නමක් දිනාගෙන ඉන්න ඇය මේ දින වල නම් වැඩිය පේන්න නෑ. ‘ඩොක්ට නවරියන්’ ‘සුබා තෙරණියෝ’ ‘එතුමි මෙතුමයි’ ‘රන් සයුර’ ‘ජීවිතේ ලස්සනයි’ වැනි සිනමාපට හරහා රුවන්ගි ප්‍රේක්ෂකයන අතරට ආවා. ‘ඩොක්ට නවරියන්’ සිනමාපටයේ ප්‍රධාන චරිතය රඟපෑ රන්ජන් රාමනායක සමග ඇයගේ පෙම් පලහිලවුවක් තිබෙන බවට සමාජයේ කට කතා පැතිරෙන්න ගත්තා. නමුත් රුවන්ගින්ම් කිවුවේ රන්ජන් සහ රුවන්ගි අතර එවැනි සම්බන්දයක් තිබුනේ නෑ කියලා.
ඉතින් හැමෝගෙම ආදරේ දිනාගත් රුවන්ගි පසුගිය වසරේ විවාහ වෙනවා. ඒ ව්‍යාපාරිකයෙකු වූ නිර්මල සමඟ. විවාහ උත්සවයක් අරගන්නේ නැතුව තමයි මේ දෙන්නා විවාහ වෙලා තියෙන්නේ. ඉතින් මේ විවාහය නිසා කළා ලෝකයේ යාළුවො ගොඩක් රුවන්ගි එක්ක තරහා වුනාලු, වෙඩින් එක කිවුවේ නෑ කියලා. ඉතින් දැන් රුවන්ගි නිර්මල සමග ගෙවන සුන්දර ජීවිතය තමයි මේ.