දරුවන් හොඳින් බලාගන්න කියා ගිය අම්මයි තාත්තයි පස්සර බස් අනතුරෙන් මරුට – දරු තිදෙනා අසරණ වෙයි




පසුගිය 20 වැනිදා පස්සර 13 කණුව ප්‍රදේශයේදී අනතුරට පත් බස් රථයේ සිටි මව සහ පියා මිය යාමෙන් දරුවන් තිදෙනෙකු අසරණ බවට පත්ව තිබෙනවා

ලුණුගල අඩාවත්තේ පදිංචි වී සිටි අන්තෝනි නෝවා සහ බෙනඩික් යන අඹු සැමියන් මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ

මෙම දරුවන්ගේ වයස අවුරුදු 8,7 සහ අවුරුදු 3 ක් වනවා

“ලේලි යන්න කලින් මට කිව්වා අම්මේ බබාලා හොඳට බලාගන්න ,කෑම උයලා තියෙන්නේ බබාලා නාවලා කෑම කවන්න ” යනුවෙන්ද ඇය පවසා තිබෙනවා

ලේලිය සහ පුතා මිය යාමෙන් දරු තිදෙනා සමඟ අසරණ වී සිටින බවයි මිත්තණිය පවසන්නේ

එමෙන්ම දරුවන්ගේ මිත්තණිය වන සෙල්වනායගම් මිය පවසන්නේ මේ දරුවන් රැක බලා ගැනීමට කාගේ හෝ උදව් අවශ්‍ය බවයි


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
1
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
8
Sad
Angry Angry
1
Angry

Comments