මෙම මස 29 වන දා බස්නාහිර පළාතේ සියලු ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
අද (24) දින පවතී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
තව ද සියලු පෙර පාසල් ද එදිනට ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගේ අවසරය හිමිව ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
නමුත් උපකාරක පන්ති ආරම්භය පිළිබඳව තවමත් තීරණයකට පැමිණ නොමැති බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය.
මින් පෙර ප්‍රකාශයට පත් වූයේ මාර්තු 15 වන දා 5, 11 සහ 13 ශ්‍රේණි සඳහා පමණක් බස්නාහිර පළාතේ පාසල් ආරම්භ වන බවත් අනෙකුත් ශ්‍රේණි අප්‍රේල් මස 19 වන දා ආරම්භ කරන බවත් ය.