කැලෑ කපලා අහු උනොත් 𝐒𝐓𝐅 එකෙන් කරන්න යන දේ මෙන්න!!




වන විනාශයන් සිදුවීමේ අවදානමක් ඇතැයි හඳුනාගත් ප්‍රදේශවල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළේ, සෝමාවතිය රක්ෂිතය, කින්නියා ප්‍රදේශය සහ වන්නි ප්‍රදේශය මෙන්ම දිවයිනේ හඳුනා ගත් ප්‍රදේශවල අදාල කඳවුරු ස්ථාපිත කිරීමට උපදෙස් දී ඇති බවයි.

විවිධ පිරිස් විසින් සිදු කරන වන විනාශයන් අවම කිරීමට යුද හමුදාවේ සහාය ලබා ගන්නා බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

වන විනාශයන් අවම කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නැයි සියලු අංශ වෙත දැනුම් දී ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්⁣ඨ ප්‍රකාශකයෙකු “සිරස TV නිව්ස්ෆස්ට්” වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබෙනවා.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments