ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝණි පැවිදි ජීවිතයට…? – Photo




මහේන්ද්‍ර සිං දෝණි කියලා කියන්නේ ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයායි. ඔහු පසුගිය වසරේ ජුලි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙනු ලැබුවා.

එමෙන්ම මහේන්ද්‍ර සිං දෝණි කියලා කියන්නේ ක්‍රීඩා පිටිය තුළ ඉතා ඉවසීමෙන් ක්‍රීඩා කරන පුද්ගලයෙක්. ඔහුගේ මේ ගති ලක්ෂණය නිසාම බොහෝ අය ඔහුව අනුකරණය කිරීමට පවා පුරුදු වුණා.

ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් දෝණි, කෘෂිකාර්මික කටයුතුවල පවා නිතර වන බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ අතර 2021 වසරේ පැවැත්වීමට නියමිත අයි.පි.එල් තරගාවලිය අදාළ පුහුණුවීම් සඳහා ඔහු මේ වනවිට චෙන්නායි වෙත පැමිණ ඇති බව ද සඳහන්.

ඉතිං මේ සියලු දේවල් අතර දෝණීගේ අපූරු ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙන්න ගන්නවා. ඒ් වනයක් තුළ භාවනා කරන ඡායාරූපයක්.

හිස කෙස් මුඩු කර සිවුරක් ආකාරයේ රෙදි කැබැල්ලකින් සිරුර ආවරණය කරගෙන සිටින ආකාරයක් එහි දැක්වෙනවා. කෙසේ වෙතත් අදාළ ඡායාරූපය කුමන හේතුවක් මත ගන්නා ලද්දක් ද කියලා කිසිම ස්ථානයක සඳහනක් නැහැ.

මෙය වෙළඳ දැන්වීමක් විය හැකි බවයි බොහෝ පිරිස් විශ්වාස කරන බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ.

May be an image of 1 person, outdoors and tree


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments