රඟපාන්න අම්මාගෙන් වරම් ඉල්ලූ ශාරද




කොහොමද මේ දවස්වල ජීවිතේ?

“නාඩගම්කාරයෝ” නාට්‍යයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ නිසා මේ දවස්වල ගොඩක්.

රංගන ජීවිතයට පිවිසෙන්නේ කොහොමද?

මුලින්ම මම රඟපාන්නේ මලී 1 අත්තම්මා නාට්‍යයේ අතිරේක නළුවෙක් විදිහට. එතකොට මට වයස අවුරුදු 9ක් විතර ඇති.

ඔබ පවුලේ ආභාසයක් එක්ක කලාවට පිවිසෙන කෙනෙක්. එයින් ලැබුණු සහයෝගය කොහොමද?

මං තාම රංගනය ගැන අධ්‍යයනය කරමින් රඟපෑම් කටයුතු කරන්නේ… සමහර ජවනිකාවලදී නිවැරැදිව රංගනයේ යෙදෙන ආකාරය තාත්තා මට කියාදෙනවා. ඒවාගේම වරදින අවස්තාත් තාත්තා නිවැරැදි කරනවා.

කෙටි චිත්‍රපට කරන්න යොමුවූයේ කොහොමද?

මං මුල්ම කෙටි චිත්‍රපටය කළේ 2018දී. එම චිත්‍රපටය පතෙක් මල්. ඉන්පසුව 2020දී මම හා දිදුල ඉඳුවර අයියා එකතු වෙලා “Money for a life”  කියන කෙටි චිත්‍රපටය කළා.

Maney for a life කෙටි චිත්‍රපටය සම්මානයටත් පාත්‍ර වුණා නේද?

ඔව්. අංශයන් කිහිපයකින්ම එය සම්මානයට පාත්‍ර වුණා. 2020 මධ්‍යම පළාත් කෙටි චිත්‍රපට තරගාවලියේ හොඳම වෘතාන්ත කෙටි චිත්‍රපටය ලෙස එය පිදුම් ලැබුවා. ඒ වගේම හොඳම කැමරාකරණයට, හොඳම නිෂ්පාදනයට හොඳම කෙටි චිත්‍රපට නිෂ්පාදනයට, හොඳම තිරපිටපතට හා හොඳම නළුවාට හිමි සම්මාන එයට හිමිවුණා.

පියාගේ ලේඛන ආභාසයක් ඔබට තියෙනවද?

තිර පිටපත් ලියන්න මට ලොකු හැකියාවක් නැහැ. හැබැයි මං ඒ ගැන අධ්‍යයනය කරනවා වගේම හදාරනවා. සමහරවිට ඉදිරියට මං තිරපිටපතක් ලියාවි.

මෙතෙක් රඟපෑ චරිතවලින් අභියෝගාත්මක චරිතයක් තියෙනවද?

“5 සමත්” චිත්‍රපටයේ විනුරගේ චරිතය මට හරිම අභියෝගාත්මකයි. ඒක ගැන්ස්ටර් චරිතයක්.

ඒ නිසා ඇවිදින විදිහ, කතාකරන විදිහ මට සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න සිද්ධ වුණා. ඒ චිත්‍රපටයේ එක් දර්ශනයක් තිබ්බා වැලක එල්ලිලා යන. ඒ ජවනිකාවට නම් ගොඩක් මහන්සිවෙලා පුහුණු වීම් කරන්න සිද්ධ වුණා.

නාඩගම්කාරයෝ එකේ රත්නෙ දුවන දිවිල්ලට ටිකක් කෙට්ටුවෙලා වගේ කියලත් හිතෙනවා?

එහෙම වෙලා වගේ… ඉස්සරහට මේ යන විදිහට තවත් කෙට්ටු වෙයි.

ඒ කියන්නේ බර පාලනය කරන්න පුංචි උත්සාහයකුත් දරනවා වගේ… එහෙමද?

ඔව්. මේ දවස්වල ව්‍යායාම් වගේම ආහාර පාලනයත් සිදු කරනවා. බාහිර ස්වරූපය ගැන සිතනවටත් වඩා තව අවුරුදු 10කින් 15කින් දියවැඩියාව, ප්‍රෙෂර් වගේ ලෙඩ රෝග හැදෙන එක වළක්වගන්න එක ගැනයි මං සිතන්නේ.

පාසල මොකක්ද?

නුවර, ශ්‍රී  චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේ 12 වසර දෙවැනි අවුරුද්දේ අධ්‍යාපනය ලබනවා.

පවුලේ විස්තර කොහොමද?

අම්මයි, තාත්තයි, මල්ලියි මගේ පවුලේ ඉන්නේ. තාත්තා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් විදිහට කටයුතු කරනවා. අම්මා සංස්කෘතික නිලධාරිනියක්. මල්ලි ඉන්නේ තාම තුනේ පන්තියේ.

මල්ලිත් රඟපෑම් කටයුතුවලට සම්බන්ධ වෙලා තියෙනවද?

නැහැ. මල්ලි රඟපෑමට ලොකු කැමැත්තක් නැහැ. ඒත් එයා නර්තනයට ගොඩක් දක්ෂයි.

ඔබ රඟපෑම් කටයුතුවලට යොමුවුණේ කැමැත්තක් තිබුණ නිසාද? ගෙදරින් තල්ලුවක් දුන්න නිසාද?

පුංචි කාලේ ඉඳන්ම චිත්‍රපටයක් හැදෙන්නේ කොහොමද කියලා බලන්න ලොකු උනන්දුවක් තිබ්බා. ඉස්පස්සේ මං තාත්තට සැරෙන් සැරේ කිව්වා රඟපාන්න ආසයි කියලා. අන්තිමට මං කොළේක ලියලා පොරොන්දු වුණා ඉගෙන ගන්න වැඩකටයුතු අතපසු කර ගන්නේ නැතිව රඟපෑම් කටයුතුවලට සම්බන්ධ වෙනවා කියලා. ඒ පොරොන්දුවෙන් පසුවයි අත්තම්මා නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණේ.

ඉතිං කොළේ ලියලා දුන්න පොරොන්දුව ඒ විදිහටම රැක්කද?

ඔව්. තාමත් ඒ ලියුම තියෙනවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු වගේම රඟපෑම් කටයුතු මං සමබරව කරගෙන යනවා.

අනාගතයේදී සමාජය හෙල්ලෙන නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද?

මෑත කාලයේදී කෙටි චිත්‍රපට කිහිපයක්ම සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.

යම් දවසක වෙනත් ආරයක චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

රිශ්මි ජයනිකා


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments