මේනක නෙහාරාගේ කැදැල්ලට සතුට ගෙනා පුංචි දූ සිගිත්තියගේ අලුත්ම චායාරූප එකතුව




නෙහාරා පීරිස් වගේම මේනක රාජපක්ෂ කියලා කියන්නේ කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන ආදරණීය කළා ශිල්පීන් යුවලක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ දෙන්නගේ පුංචි කැදැල්ල තව තවත් සුන්දර කරමින් කිරි සිනහව අරගෙන පහුගිය කාලයේ පුංචිම පුංචි සුරංගනාවියක් මේ පවුලට එකතු වුණා. ඉතින් මේ වනවිට මේ ආදරණීය පුංචි දෝනිට මාස තුනක් සම්පුර්ණ වෙලා ඉවරයි. ඉතින් ඒ ගැන රස බර පුවත් අපි හා හා පුරා කියලා පහුගිය දවස් වල ඔබ වෙත අරගෙන ආවා ඔබට මතක ඇති. ඉතින් මේ පුංචි දෝනි මෙයිලිගේ අලුත්ම ඡායාරූප කිහිපයක්ම ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලා වලට නෙහාරා පීරිස් වගේම මේනක රාජපක්ෂත් එකතු කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් පුංචි දෝනි දැන් ඉදලාම අම්මයි තාත්තයි එක්ක එකතු වෙලා පාඩම් කරන්න ළඟ ලෑස්ති වෙන ඡායාරූප තමයි මේ විදිහට අපට දැක ගන්නට ලැබුණේ. ඉතින් පුළුන් බෝලයක් වගේ ඉන්න මේ පුංචි දෝනිගේ හුරතල් පිරුණු ඡායාරූප කිහිපයකුත් ඔබ වෙත අරන් එන ගමන් මේ ආදරණීය පුංචි පවුලට අපි දෙවි පිහිට ප්‍රාර්ථනා කරමු.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
1
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments