දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වෙමින් පවතින B.1.351 කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ රෝගියෙකු පළමු වරට මෙරටින් වාර්තා වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.
මෙම වෛරසය ආසාදනය වූ රෝගියා මෙරට නිරෝධායන මධ්‍යස්ථානයකින් වාර්තා වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
එමෙන්ම E484K යනුවෙන් හඳුන්වන විකෘති ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයෙකු මහියංගණය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව ඔහු සඳහන් කළේය.
එමෙන්ම බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වන B.1.1.7 නම් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් සිව්දෙනෙකු ද නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හමුවූ බවද ආචාර්ය චන්දිම ජිවන්දර වැඩිදුරටත් සඳහන් කළේය.
මෙ විකෘති කොවිඩ් ප්‍රභේදය දකුණු අප්‍රිකාවේ සහ බ්‍රසීලියානු ප්රභේදවල දක්නට ලැබෙන අතර කොවිඩ් මර්දන එන්නත සඳහා මෙම විකෘති ප්‍රභේදය ගැටළුවක් වන බවද වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.