අපේ ඉස්කෝලෙට ඇවිල්ලා, අපිට පාට් දාන්න එපා


1 share


මේ පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල සංසරණය වූ උතුරු මැද පළාතේ පාසැල් දෙකක සිසුවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දර්ශන පෙලක් පිලිබද දැඩි අවදානය යොමු වී තිබෙනවා. පාසැල තුලින් නොනැවතුනු ඔවුන් සිය ගැටුම මහමඟටත් රැගෙන ගියේ තමන් පාසැල් නිල ඇඳුමින් සැරසී සිටින බවත් අමතක කරමින්. සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමේ ප්‍රීතිය, මත්පැන් සමඟ සමරන තවත් දරුවන් පිරිසක් දැක්වෙන මෙම දර්ශන පෙළත් සමාජ මාධ්‍ය වල සංසරණය වනවා.

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී නිවෙස බලා යමින් සිටි කිරිල්ලවල ප්‍රදේශයේ පාසැල් සිසුවියකට එම පාසැලේම සිසුවියන් දෙදෙනෙකු විසින් පහර දී තිබේ. මෙලෙස පහරදෙන ආකාරය සිය ජංගම දුරකථනයෙන් රූගත කර අන්තර්ජාලයට මුදාහැර තිබුනේද තවත් සිසුවියක් විසින්.

පහර කෑ සිසුවිය ප්‍රතිකාර සඳහා කිරිබත්ගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර ඇගේ පියා කළ පැමිණිල්ලකට අනුව පහර දීමට අදාල සිසුවියන් තිදෙනා පොලිස් ස්ථානය වෙත රැගෙන ආවා. සිසුන් අතර ගැටුම් ඇතිවීම සාමාන්‍ය කරුණක් විය හැකි නමුත් සිසුවියන් මෙලෙස කලහකාරී ලෙස හැසිරීම රටේ යොවුන් පරපුරේ අනාගතය පිළිබඳව ඇති කරන්නේ තැතිගැන්මක්.

වීඩියෝව මෙතනින්


Like it? Share with your friends!

1 share

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
5
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
3
Angry

Comments