කොහුවල පිළිස්සුණු මෝටර් රථයේ තිබූ මළ සිරුරේ අනන්‍යතාව තහවුරු වෙයි




කොහුවල පොලිස් වසමේ ආසිරි මාවත ප්‍රදේශයේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක තිබී ඊයේ (10) රාත්‍රී 11.30ට පමණ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම මෝටර් රථය සම්පූර්ණයෙන් ම පිළිස්සී ගොස් ඇති අතර ඒ තුළ තිබූ සිරුර ද පිළිස්සී ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඒ පිළිබඳව කොහුවල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මිය ගිය පුද්ගලයා කළුබෝවිල භාතිය මාවතෙහි පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බව හඳුනාගෙන ඇත.

ඔහු රාත්‍රී ආහාර ගැනීමට යම් කිසි ස්ථානයකට ගොස් පසුව අදාළ මෝටර් රථයෙන් ගමන් කර ඇති බවට තොරතුරු ලැබී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

රජයේ රස පරීක්ෂකවරයා ඇතුළු විශේෂඥයින් පිරිසක් එම ස්ථානයට කැඳවා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීමෙන් පසු මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද අද (11) දින පැවැත්වීමට නියමිත ය.

අදාළ මෝටර් රථය සහ සිරුර ගිනි ගත් ආකාරය පිළිබඳව සාක්ෂි සොයා බැලීම සඳහා කොහුවල පොලිසිය මගින් තවදුරටත් පරීක්ෂණ සිදු කරනු ලබයි.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
1
Angry

Comments