රට ම කැළඹූ කුරුවිට තරුණිය අවසන් ගමන් යයි (PHOTOS)




කොළඹ, වේල්ල වීදියේ ගමන් මල්ලක තිබී සොයා ගත් ඝාතනයට ලක් වූ තරුණියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද තෙප්පනාව, ගල්කඩ පොදු සුසාන භූමියේදී සිදු විය.

අප වර්තාකරු සඳහන් කළේ, ඊට පවුලේ ඥාතීන් ඇතුළු ප්‍රදේශයේ ජනතාව සහභාගී වී සිටි බවය.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඝාතනයට ලක්වුණු තරුණියගේ දේහය ඊයේ (9) සවස ඇයගේ ඥාතීන්ට භාර දීමට පොලිසිය කටයුතු කළ අතර පසුව දේහය කිරිඇල්ල මල් ශාලාවකට ගෙනවිත් අනතුරුව එදින ම රාත්‍රී ඇය පදිංචිව සිටි නිවසට ගෙන ඒමට කටයුතු කර තිබිණි.

මෙලෙස ඝාතනයට ලක් වූයේ, කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක තරුණියකි.

හිස කඳින් වෙන්කළ කාන්තා මළ සිරුරක් ගමන් මල්ලක දමා, මහ මග දමාගොස් තිබියදී කොළඹ, වේල්ල වීදිය ප්‍රදේශයෙන් ඉකුත් 1 වන දා සොයා ගත් බව පොලිසිය පැවසීය.

වේල්ල වීදියේ වෙළෙඳ සලක් ඉදිරිපිට දීර්ඝ වේලාවක් සැක සහිත ගමන් මල්ලක් ඇති බවට වේල්ල වීදිය පොලීසියට ලද තොරතුරක් මත අදාළ මළ සිරුර සහිත ගමන් මල්ල පොලිසිය විසින් සොයා ගනු ලැබීය.

පසුව සිදු කළ විමර්ශන අනුව, අදාළ ඝාතනය සිදු කළ බවට සැක කරන උපපොලිස් පරීක්ෂකවරයෙකු හඳුනා ගැනුණු අතර ඔහු සිය නිවස ආසන්නයේ කැලයක සිය දිවි නසා ගෙන සිටියදී සොයා ගැනිණි.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
1
Love
Lol Lol
1
Lol
Wow Wow
0
Wow
Sad Sad
6
Sad
Angry Angry
1
Angry

Comments